ලූනු සඳහා අපනයන බද්දක්

මේ වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි ලූනු සඳහා 40% ක අපනයන බද්දක් පනවා තිබෙනවා.
ප්‍රධාන වෙළෙඳපොළවල සාමාන්‍ය ලූනු තොග මිල ජූලි මස සිට අගෝස්තු දක්වා 20% කින් පමණ ඉහළ ගිය බැවින් ඉන්දියාව මෙලෙස අපනයන බද්දක් පැනවූ බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් ඉන්දියානු නැව්ගත කිරීම් ගැන විශ්වාසයෙන් සිටින බවයි.

