වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත් කෙරේ

වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත් කර තිබෙනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු නිල සංචාරයක නිරත වීම සඳහා අද (21) අලුයම දිවයිනෙන් පිටව ගොස් ඇති බැවින් මෙම වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අනුව, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ මහතා පත් කර තිබෙනවා
එමෙන්ම තාක්ෂණ අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ කනක හේරත් මහතා වන අතර සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස අනූප පස්කුවල් මහතා මෙලෙස පත් කර ඇති බව සඳහන්.

