වියළි කාලගුණය නිසා පුද්ගලයින් ලක්ෂ 2කට වැඩි පිරිසක් පීඩාවට

දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් පවුල් හැටදහස් නවසිය අසූඅටකට අයත් පුද්ගලයින් දෙලක්ෂ දසදහස් හත්සිය අනූ දෙනෙකුට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි රහිත කාලගුණයක් පවතින බවයි.
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් වගා බිම් රැසක් විනාශයට පත්ව ඇති අතර පානීය ජල ගැටලුවක් ද මතුව තිබෙනවා.
ඒ හේතුවෙන් වගා හානි ලබාදීම සදහා තක්සේරු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.
බොහෝ ප්‍ර දේශවලට පානීය ජලය ලබාදීමේ ගැටලුවක් මතුව ඇති බැවින් කඩින් කඩ ජලය නිකුත් කිරීම සිදුකෙරෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
වියළි කාලගුණයෙන් පුද්ගලයින් 210,790 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.
වියළි කාලගුණය හමුවේ වීරකැටිය මුරුතවෙල ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතිනවා.
එම ජලාශයෙන් පෝෂණය වන ඌරුබොකු ඔය ව්‍යාපාරයේ කුඹුරු අවදානමකට ලක්ව ඇති බවයි ගොවීන් පවසන්නේ.
අක්කර අඩි 38,876ක ජල ධාරිතාවකින් යුත් මෙම ජලාශය මේ වනවිට අක්කර අඩි 3,875ක් දක්වා පහළ බැස තිබෙනවා.
මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් මුරුතවෙල ප්රදේහයේ පවුල් 16,000කට පමණ පානීය ජලය ලබාදීමේ ගැටලුවක් මතුවන බව වාරිමාර්ග කාර්යාලය පවසනවා.
මේ අතර බලංගොඩ ප්‍රදේශයේ තේ වගාවට ද වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
බලංගොඩ දහමාන ගල්ගොඩ බටුගම්මන විල්පිට මාවෙල ඇතුළු ප්‍රදේශ රැසක තේ වගාවන් දැඩි අවුරෂ්මිය හේතුවෙන් විනාශ වී තිබෙනවා.
එම ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවලට ලැබුණු අමු තේ දළු ප්‍රමාණය ද සියයට 70කින් පමණ පහළ ගොස් ඇති බව කර්මාන්ත ශාලා හිමිකරුවන් පවසනවා.
දිවයින පුරා පවතින සියලුම ජල මූලාශ්රවල ජල ධාරිතාව තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් දිවයිනේ නිරිත දිග කොටසට වැසි ස්වල්පයක් ඇති වුවද සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනටම සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැක්කේ ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ.

