ඇෆ්ගන් – පාකිස්ථාන පළමු එක්දින තරඟය අද

ඇෆ්ගන් – පාකිස්ථාන පළමු එක්දින තරඟය අද

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද (22) පස්වරුවේ සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟාවලියේ දෙවන තරඟය අනිද්දා මෙම ක්‍රීඩාංගනයේදීම පැවැත්වෙන අතර තුන්වන සහ අවසන් තරඟය පැවැත්වෙන්නේ මේ මස 26 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරඟ තුනම නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවනවා.