A/L විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න

A/L  විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න

2022 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 10 (සැප්තැම්බර් 10) වන දාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මේ වසරේ (2023) ජනවාරි 23 වන දා සිට පෙබරවාරි 17 තෙක් පැවැත්වුණා.

පාසල් අයැදුම්කරුවන් 278,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් මෙවර විභාගය සඳහා පෙනී සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2200ක් ස්ථාපිත කර තිබුණා.