උදයංගට රට යන්න අවසර

උදයංගට රට යන්න අවසර

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) විදෙස් ගතවීමට අවසර ලබා දුන්නා.

ඒ , මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද කැඳවු අවස්ථාවේදීයි.

උදයංග වීරතුංග අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ නොවැම්බර් 22 දක්වා විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙසයි.

ගුවන් හමුදාවට අයත් මිග් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන හතක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග සැකකරු වශයෙන් නම් කර තිබෙනවා.

COMMENTS