රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000ක් බඳවා ගැනීමට පියවර

ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසනවා.
මේ අනුව උපාධිධාරී ගුරුවරු 5500ක් සහ දෙවන භාෂා ගුරුවරුන් ලෙස ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වලට වී සිටින දරුවන්ට වෘත්තීය, තාක්ෂණික මෙන්ම ඉංග්‍රීසි ඇතුළු භාෂා පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මේ සඳහා දිවයිනේ පාසල් 320ක් දැනටමත් තෝරාගෙන තිබෙනවා.
එම වෘත්තීය පුහුණු වැඩසටහන ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

