යොවුන් සංචාරක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට

යොවුන් සංචාරක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට

සිවුවන යොවුන් සංචාරක රූ රැජින ( Miss Teen Tourism ) තරගාවලියෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නෙළුනී සෞන්දර්යාට හැකියාව ලැබී තිබෙනවා.

ලංකාව පළමු වරට මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම ද විශේෂත්වයක්.

ඝානා රාජ්‍යයේ අක්‍රා නුවර පැවති මෙම තරගාවලිය රටවල් 20 ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 01 සිට 20 දක්වා පැවැත්වුණා.

මෙම ජයග්‍රහණය රැගත් නෙළුනී සෞන්දර්යා අද (23) අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපළ ආරංච් මාර්ග සඳහන් කළේ.

https://tinyurl.com/4j3xku72