කොවිඩ් නිසා නැවතුණු ව්‍යාපෘති 24 ක් යළි ආරම්භ කිරීමට යයි

කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර වී ඇති ව්‍යාපෘති 24 ක් නැවත ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.
විවිධ ආයතනික ගැටලු හේතුවෙන් ව්‍යාපෘති 9 ක් නතර වී ඇති අතර, ඒ සදහා ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 56,529 ක් වෙනවා.
කෙසේ වෙතත් එම ව්‍යාපෘති සදහා මේ වනවිට රුපියල් මිලියන 1180 ක බිල්පත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවා ඇති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

