මගී ජනතාවට බාධාවක් නොවන පරිදි දුම්රිය ධාවනයට පියවර

මගී ජනතාවට බාධාවක් නොවන පරිදි අද (24) දිනයේ දී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් ඊයේ (23) පස්වරුවේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.
මේ හේතුවෙන් සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් ඊයේ රාත්‍රියේ සිදුවූ අතර එහිදී මගීන් දැඩි දුෂ්කරතාවට පත්වු බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් දුම්රිය බලධාරීන් මැදිහත් වී දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමත් සමග දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණි.
මේ අතර අද දිනයේ හැකි උපරිම ආකාරයෙන් දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන් කළේ දුම්රිය ප්‍රමාදයන් වළක්වාලමින් සියලු දුම්රියන් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.

