ට්‍රම්ප් භාරවෙයි
අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී භාර වී තිබෙනවා.
කෙසේවෙතත්, 2020දී පැවැත්වුණ ප්‍රාන්ත මැතිවරණයේදී ඔහු ලත් පරාජය වෙනස් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත ඔහුට නඩු පවරා තිබෙන බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා.
මෑත ඉතිහාසයේ අමෙරිකා එක්සත් ජනපදයේ බිහි වූ මතභේදාත්මක ම ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, නැවත වතාවක් ජාත්‍යන්තර මාධ්‍යවල පුවත් මවන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා.