හිඟ ඖෂධ 50 ක් ඉදිරි දෙසතියේ ආනයනය කිරීමට සැලසුම්

හිඟ ඖෂධ 50 ක් ඉදිරි දෙසතියේ ආනයනය කිරීමට සැලසුම්

හිඟව පවතින තවත් ඖෂධ වර්ග 50 ක් ඉදිරි දෙසතිය තුළ ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ඖෂධ හිඟය තරමක් දුරට පාලනය වනු ඇති බවයි.

මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 230 ක හිඟයක් පවතී.

එම සියලු ඖෂධ කඩිනමින් ඇනවුම් කර ආනයනය කිරීමට නියමිත ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ සඳහා ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ සහය ලබාගැනීමට නියමිතයි.