විද්‍යාපීඨ 19ම එක සරසවියක් කරන යෝජනාව ළඟදීම කැබිනට්ටුවට

විද්‍යාපීඨ 19ම එකතු කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ගුරු අධ්‍යාපනඥ සේවා කැබිනට් යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව ඇමැති මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ, විදුහල්පති, ගුරු උපදේශක, ගුරු සේවය ලෙස අධ්‍යාපනයේ ක්ෂේත්‍රය තුළ සේවා 5ක් පවතින බවත්, විද්‍යාපීඨවලින් බිහි වන ගුරුවරුන් ගුරු අධ්‍යාපනඥ සේවාවට අයත් බවත් ඇමැතිවරයා මෙහිදී පැවසුවා.
විද්‍යාපීඨවලට බඳවාගැනීම් සිදු කරනුයේ කුසලතා සහ දිස්ත්‍රික් පදනම යටතේ බවත් පසුගිය සමයේ සිසුන් 7,500ක් බඳවාගෙන ගුරු පුහුණුවීම් සපයන බවත් ඇමැතිවරයා කියා සිටියා.
මීට පෙර බඳවාගැනීම් කිරීමේදී වාර්ෂිකව 4,000ක පමණ පිරිසක් පුහුණුවට බඳවාගත්තේ යැයි ද, විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරුන් ලෙස බඳවාගනුයේ දෙවැනි පන්තියේ ඉහළ සාමර්ථ්‍යයක් ඇති උපාධිධාරීන් බවත් ඇමැතිවරයා පැවසුවා.
ගුරු අධ්‍යානඥ සේවාවට 2,100ක පමණ පිරිසක් බඳවාගැනීමට පියවර ගන්නා බවත්, මීට වසරකට පමණ පෙර අමාත්‍යාංශය භාර ගන්නා විට මේ සේවාව සඳහා සිටියේ 866ක පිරිසක් බවත් ඇමැතිවරයා පැවසුවා.
ගුරු අධ්‍යාපනඥ සේවාව සඳහා 705ක් බඳවාගැනීමේ පරීක්ෂණ මීට සති 2කට පමණ පෙර අවසන් වූ අතර, එහි ප්‍රායෝගික පරීක්ෂණ හැකි ඉක්මනින් පවත්වන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළා.
එළැඹෙන අගඟහරුවාදා හෝ බ්‍රහස්පතින්දා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කමිටුවේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ප්‍රතිපත්තිමය තීරණයක් බවට පත් කර ගැනීම සඳහා ඊළඟ සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

