සා/පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ දෛනික දීමනාව වැඩි වෙයිද ?
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෛනික දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
මීට අමතරව අදාළ ගුරුවරුන්ට දින දෙකක රාජකාරී නිවාඩු ලබාදීමට ද කටයුතු කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.
උපාධිධාරීන් 5400 දෙනෙකු අලුතින් ගුරු සේවයට බඳවාගන්නා අතර ඉන් 1700ක්ම බඳවාගනු ලබන්නේ ජාතික පාසල්වලට බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම වතුකරයේ ගුරු හිඟය පියවීමට ගුරු සහයකයින් බඳවාගැනීම සඳහා ද කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ.