වසන්ත මුදලිගේට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොල්ලුපිටිය පොලිසියට නියෝග කර තිබෙනවා.
2021 වසරේ දී නීතිවිරෝධී උද්ඝෝෂණයක් සිදු කරමින් කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයේ රථ ගාලකට අයුතු ඇතුළු වීමක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.
මෙම නඩුව අද කැද වූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි සැකකරුවන්ට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණේ.
වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි, ගල්නෑවේ සිරිධම්ම හිමි ඇතුළු හතර දෙනෙකුට මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණා.
සිද්ධිය සම්බන්ධ නඩුව දෙසැම්බර් 7 වනදා යළි කැදවීමට නියමිතයි.

