සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 18 සිට ඔක්තෝම්බර් 8 දක්වා වැසෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ නිෂ්පාදන කටයුතු ලබන 18 වනදා සිට ඔක්තෝම්බර් 8 වනදා දක්වා අත්හිටුවීමට නියමිතව තිබෙනවා.
එම ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රියතාව නැවත පිහිටුවා යථා තත්වයට පත් කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක කියා සිටියේ.
කෙසේ වෙතත් එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඇණවුම් මේ වනවිටත් සම්පූර්ණ කර ඇති බවයි.

