සාමාන්‍ය පෙළ විභාගයට සිනමාව විෂය ඇතුළත් කිරීමේ යෝජනාවක්

සිනමාව විෂයක් ලෙසින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර විෂය නිර්දේශයට ඇතුළත් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ “ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම” නම් වූ විද්වත් කථිකාවේ දී යි..
මෙහිදි ප්‍රවීන සිනමාවේ දී අශෝක හඳගම මහතා සඳහන් කළේ නාට්‍ය හා රංග කලාව නමින් විෂයක් පාසල් විෂය නිර්දේශය තුළ පැවතියත් සිනමාව එයින් ගිලිහී ඇති බවයි.
එමෙන්ම රජය හෝ පුද්ගලික අංශය මැදිහත් වී අංග සම්පුර්ණ සිනමා පාසලක් හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු බවත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා.

