QR පද්ධතියට කරන්න යන අලුත් වැඩේ

QR පද්ධතියට කරන්න යන අලුත් වැඩේ

ජාතික ඉන්ධන අවසරපත් හෙවත් කිව් ආර් ක්‍රමවේදය උසස් තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව පෙරේදා සිට භාවිතයෙන් ඉවත් කළ මෙම කිව් ආර් ක්‍රමවේදය දත්ත එක් රැස් කිරීම හා විශ්ලේෂණය වෙනුවෙන් මෙවලමක් ලෙස යොදා ගන්නා බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කරන්නේ.

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය පසුගිය වසරේ අගෝස්තු මස හඳුන්වා දීමේ අරමුණ වුයේ ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කිරීමට බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ හරහා පැවති සමාජීය සහ ආර්ථික ගැටළු කළමනාකරණය කර ඇතිව තිබූ අර්බුදයන් අවසන් කිරීමට මෙන්ම ජන ජීවිතය ස්ථාවර කර ගැනීමට හැකිවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.