ලිට්රෝ අද ගෑස් පෙන්වන ලකුණු

ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ප්රතිශතයකින් වැඩි කිරීමට සිදුවනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, නව මිල ගණන් අද(04) පෙරවරුවේ ප්රකාශයට පත්කිරීමට නියමිත බවයි.
මේ වනවිට ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඩොලර් 105 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.
සභාපතිවරයා පැවසුවේ එය මෑත කාලයේ වාර්තාවූ ඉහළම මිල වන බවයි.

