රටවල් තුනක යතුරුපැදිකරුවන් සමඟ සවාරියක් ලංකාවේදී

ශ්රී ලංකාව ඉන්දියාව නේපාලය යන රටවල් අතර සාමාජීය සංස්කෘතික හා සංචාරක ක්ෂේත්රයන්හි ප්රගමණය සහ ප්රවර්ධනය අරමුණු කොටගත් ප්රදර්ශනාත්මක යතුරුපැදි සංචාරයක් පැවැත්වීමට අග්රාමාත්ය කාර්යාලය සහ ක්රීඩා හා යෞවන කටයුතු අමාත්යංශය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව එළැබෙන ජනවාරි 15 දා සිට යාපනය අනුරාධපුරය මාතලේ මහනුවර ඇතුළු දිවයිනේ නගර රැසක් හරහා මෙම යතුරුපැදි සවාරිය ක්රියාත්මක වනවා.
යතුරුපැදි සවාරිය නේපාලයේ ලුම්බිණි නුවර සිට ඉන්දියානු දේශසීමාවට ඇතුළු වී බුද්ධගයාව නාලන්දාව කුසිනාරා නුවර ශ්රාවස්ති සාරානාත් සංකප්ප ප්රදේශ පසුකොට දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් හරහා ලංකාවේ කන්කසන්තුරෙන් මෙරටට ඇතුළු වීමට නියමිතයි.
ඉන් අනතුරුව දිවයිනේ නගර රැසක් ඔස්සේ සංචාරය කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

