රග්බි ලෝක කුසලානය, ප්‍රංශය සහ නවසිලන්තය තරඟයෙන් අද ඇරඹෙයි

2023 රග්බි ලෝක කුසලාන තරඟාවලිය අද ආරම්භ වේ.
ඒ ප්‍රංශයේ සත්කාරකත්වයෙනි.
වසර 4කට වරක් පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරඟාවලිය මෙවර සංවිධානය කෙරෙන්නේ 10වැනි වරටයි.
කාණ්ඩ 4ක් යටතේ රටවල් 20ක කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වේ.
ප්‍රංශය, ඉතාලිය සහ නවසීලන්තය ඒ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන ප්‍රබල කණ්ඩායම් අතරට ඇතුළත් ය.
වත්මන් ලෝක ශූර දකුණු අප්‍රිකාව, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය බී කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.
සී කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව සහ වේල්සයත්, ඩී කාණ්ඩයෙන් ආර්ජන්ටිනාව සහ එංගලන්තයත් තරගාවලියට එක්වනු ඇති.
පළමු තරගයට එක්වන්නේ සත්කාරක ප්‍රංශය සහ නවසීලන්තයයි.
ප්‍රංශය වත්මන් ශ්‍රේණිගතකිරීම්හි තුන්වැනිස්ථානයේත් නවසීලන්තය සිව්වැනිස්ථානයේත් රැඳී සිටී.
අවස්ථා 3කදී ශූරයින් වූ නවසීලන්තය සහ අවස්ථා 3කදී අනුශූරයින් වූ ප්‍රංශය අතර පැවැත්වෙන තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 12.45ටයි.
ඒ ස්තෙද් දි ෆ්රාන්ස් ක්‍රීඩාංගණයේදී ය.
මේ අනුව රග්බි ක්‍රීඩා ලෝලීන්ට සති හතක කාලයක් තරගාවලිය නැරඹිය හැකියි.

