ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක අඩියක් එළියට තියන් නෑ – දයාසිරි (Video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක අඩියක්  එළියට තියන් නෑ – දයාසිරි (Video)

තමන් කිසිවිටෙකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාක්ෂිකයින් හැර නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ප්‍රථම වරට හෙට්ටිපොළ පිහිටි තම කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ය.

ඔහු පිළිගැනීම සඳහා පාක්ෂිකයින් මග දෙපස රැස්වී සිටි අතර එහිදී මන්ත්‍රීවරයා පැමිණි සිටි පිරිස අමතා සිදුකළ ප්‍රකාශය අතරතුර සංවේදී විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එහි දී දැක්වූ අදහස්,

“මම මේ ගමෙන් දේශපාලනය ආරම්භ කළේ. ලේකම්වරයා විදිහට සහභාපති කිව්ව දේවල් මම කළා. පක්ෂයෙන් අයින්කරන්න කියපුවාම මම කළා. විනය පරීක්ෂණ තියන්න කිව්වාම මම විනය පරීක්ෂණ තිබ්බා. අයේ ගන්න ඕනේ කිව්වාම ඒකටත් මම අත ඉස්සුවා. අද පක්ෂය දාලා ගිහිල්ලා ඇමතිකම් ගත්ත අය අතුළේ. පක්ෂය වෙනුවෙන් කැපවුණු කෙනා එළියේ.”

“පක්ෂයේ නායකයාට පුළුවන් ඕන කෙනෙක් එළවන්න. හැබැයි මතක තියාගන්න පක්ෂයට දර දිය ඇදලා පක්ෂය වෙනුවෙන් කැප වෙලා.. පක්ෂය ගත්තු තීන්දුවලට එකඟවෙලා පක්ෂයේ නායකයා සමග කෙළින් හිටගත්තු මට බල්ලෙක් වගේ එළියට බහින්න බෑ. මාව බල්ලෙක් වගේ එළියට ඇදලා දැම්මේ. මමයි සභාපතිතුමයි තාත්තයි පුතයි වගේ. තාත්තා ගාවට කිට්ටු වුණා නරක යාළුවෝ ටිකක්. ඒ අයට ඕනේ වුණා දායාසිරි ජයසේකරව විනාශ කරන්න. ඒ නිසා හැමවෙලේම ගිහින් කේලම් කියන්න පටන් ගත්තා.”

“අද රෑට දායාසිරිව ඉවත් කරනවා කියලා ආණ්ඩුයට ගිය ගම්පහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ලක්ෂ 50ක් ඔට්ටු දනවා කිව්වා එදා.” යනුවෙන්

COMMENTS