බිත්තර සහ කුකුළු මස් මිල පහළට

ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යා හැකි අතර යළි මිල ඉහළ යාමක් සිදු නොවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
එසේම ලබන වසරේ සිට බිත්තර ආනයනය සඳහා ද අවශ්‍යතාවක් මතු නොවන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර,
”කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපේ රටේ ස්වයංපෝෂිත මට්ටමක පැවතියත්, කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදය නිසා සත්ව ආහාර නිෂ්පාදනය පහළ වැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය පහළ ගියා. රටට අවශ්‍ය කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය 100%ක්ම සිදු වන්නේ පුද්ගලික අංශයෙන්. මේ වන විට සියලු ගොවිපොළවල කුකුළු පැටව් ප්‍රමාණය 3,420,000ක් ඉක්මවා තිබෙනවා. බොහෝ විට එම සතුන් ලබන දෙසැම්බර් මාසය වන විට බිත්තර දැමීම සිදු කරනවා. ඒ නිසා ලබන දෙසැම්බර් මාසයෙන් පසුව මෙරට බිත්තර නිෂ්පාදනය තවදුරටත් ඉහළ යනු ඇති බව එම කර්මාන්තකරුවන් ප්‍රකාශ කරනවා. කුකුළු කර්මාන්තයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනයට ද මෙම කර්මාන්තකරුවන්ට අපි අවස්ථාව ලබා දුන්නා. එහි වාසියත් අපේ පාරිභෝගිකයන්ට ඉදිරියේදී ලැබෙනවා.” යනුවෙන්

