ඩෙංගු යළි හිස ඔසවයි

මේ වසර තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 63,241 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ.
වර්ෂාව ඉහළයාමත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද වෑඩි වී තිබෙනවා.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ වෛද්‍ය උපදෙස් පිලිපැදීම තුළින් ඩෙංගු රෝගය වළක්වාගත හැකි බවයි.
පසුගිය මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන 5189 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා.
මේ මාසය තුළ මෙතෙක් වාර්තාවී ඇති රෝගීන්ගේ සංඛ්‍යාවෙ 1363 ක්.
මේ වසරේ සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 38 ක්.
ප්‍රතිශතයක් ලෙස එය 0.06%ක්.
ඩෙංගු රෝගීන්ගෙන් වැඩි කොටස එනම් 13,363 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,226 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 4119 ක්.
මහනුවර,පුත්තලම, කුරුණෑගල රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින්ද පිලිවෙලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වනවා.
2030 වසරේදී ඩෙංගු මරණ සංඛ්‍යාව බින්දුව දක්වා ගෙන ඒමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ.
ඒ ඊට අදාළ ක්‍රියාකාරී සැලැස්ම සම්පාදනය පිළිබඳ විද්වත් සාකච්ඡාවකදීයී.

