සචිත්ර යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සචිත්ර සේනානායක ලබන සැප්. 25 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කර ඇත.
තරග පාවා දීමට උත්සහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඔහුගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරමින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ප්රසන්න අල්විස් මෙම නියෝගය නිකුත් කළේ ය.
ඔහු පසුගිය සැප්. 6 අත්අඩංගුවට ගැනිණි.
2020 වසරේ පැවති ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේදී තරග පාවා දීම සඳහා ක්රීඩකයින්ට පෙළඹවීම් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

