ලොව උසම සුනඛයා මිය යයි
ලොව උසම සුනඛයා හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටි සියුස් පසුගියදා අඟහරුවාදා මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තාකොට සිටිනවා.
සියුස් ග්‍රේට් ඩේන් වර්ගයට අයත් බලු පැටියෙකු වන මෙම සුනඛයා අස්ථි පිළිකාවක් වැළඳීම හේතුවෙන් පසුගියදා ශල්‍ය කර්මයකට මුහුණ දී තිබෙනවා.
ශල්‍ය කර්මයේදී සියුස්ගේ ඉදිරිපස දකුණු කකුල ඉවත් කර ඇති අතර ශල්‍යකර්මයෙන් පසුව ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් සියුස් මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
සියුස් ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව හිමිකරගෙන තිබුණේ 2022 වසරේ හිමිකරගෙන තිබේ.සියුස් ගේ උස අඩි 3 යි අඟල් 5.18 ක්.