ආසියානු කුසලාන අවසන් තරඟයේ ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා ඔබට දැනුම් දීමක්

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවැති තරඟයෙන් කඩුලු 02ක තියුණු ජයක් වාර්තා කරමින්.
අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එළඹෙන ඉරිදා පැවැත්වෙනවා.
අවසන් මහා තරඟයේ ප්‍රවේශපත්‍ර රැසක් මේ වන විට විකිණී අවසන් බවයි දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ C,D ඉහළ සහ පහළ කොටස්වල ප්‍රවේශපත්‍ර සියල්ල මේ වන විට විකිණී අවසන් බවයි.
ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැක්කේ A කොටසේ ඉහළ සහ පහළ, B කොටසේ ඉහළ සහ පහළ, ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයේ ටිකට් පත් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ලෝලීන්ට වැඩිදුරටත් දැනුම් දෙනු ලබනවා.
මේ අතර මෙම තරගයේ වැඩිම වටිනාකමක් සහිත ටිකට්පත වන්නේ Grand Stand, Top Level – V-VIP ටිකට් පතයි, එහි වටිනාකම මිල රු.40,000.00 ක් ලෙසයි සටහන් වන්නේ.
අනෙකුත් ටිකට්පත් අලෙවි වන්නේ පහත මිල ගණන්වලටයි.
Block A : Upper Level – VIP( Sold Out) ටිකට් පතක මිල රු.11,200.00
Block B : Upper Level – VIP ටිකට් පතක මිල රු.8,000.00
Block A : Lower Level – First Class ටිකට් පතක මිල රු.6,400.00
Block B : Lower Level – First Class ටිකට් පතක මිල රු.6,400.00
Block C : Lower Level – General ටිකට් පතක මිල රු 640.00
Block D : Lower Level – General ටිකට් පතක මිල රු 640.00

