මුදල් මුද්‍රණය සීමා වන නව මහ බැංකු පනත

මහ බැංකුව සහ එහි කටයුතු තව දුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත ඊයේ (15) සිට ක්‍රියාත්මක බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ, අනුව මහ බැංකුව මගින් මීට පෙර සිදු කළ මුදල් මුද්‍රණය සිදු කළ හැක්කේ ඉතා සීමා සහිතව සුවිශේෂී තත්ත්වයන් යටතේ බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව රට තුළ පවතින විශේෂ ආරක්ෂක ගැටලුවක දී සහ ලෝක මට්ටමේ සෞඛ්‍ය ගැටලුවක දී පමණක් එම අවස්ථාව හිමි වනවා.
එමෙන්ම මුදල් මුද්‍රණය කළ හැකි වන්නේ ද නිකුත් කර ඇති භාණ්ඩාරගාර බිල්පත් වටිනාකමෙන් සියයට 5ක වටිනාකම නොඉක්මවන මුදලක් පමණක් බවයි වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.
මීට අමතරව මහ බැංකුව උද්ධමන ඉලක්කයක් අනුව කටයුතු කළ යුතු අතර ඊට ළගා වීමට අපොහොසත් වුවහොත් ඒ් සම්බන්ධයෙන් හේතු දැක්වීමට ද මහ බැංකුවට සිදු වනවා.

