පර්සි අංකල්ට මූල්‍ය ත්‍යාගයක්

පර්සි අංකල්ට මූල්‍ය ත්‍යාගයක්

දශක ගණනාවක් පුරා මෙරට ජයග්‍රහණයේදීත්, පරාජයේදීත් කණ්ඩායම සමඟ රැඳෙමින්, ඔවුන්ව දිරිමත් කළ පර්සි අබේසේකර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද රුපියල් මිලියන 05ක මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔහු කළ සේවය අගය කිරීමක් වශයෙන් ඔහුගේ ඉදිරි කටයුතු සඳහා මෙම මූල්‍යමය පරිත්‍යාගය සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව පර්සි අබේසේකර මහතාගේ සුවදුක් විමසීමට ඔහුගේ නිවසට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් මෙම මූල්‍යමය ත්‍යාගය භාර දෙන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගත් තීරණයකට අනුව මෙය ක්‍රියාවට නැංවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

87 හැවිරිදි වියේ පසුවන පර්සි අබේසේකර මහතා පසුගිය දිනවල රෝගාතුර වී ප්‍රතිකාර ලබමින් සිටියා.

COMMENTS