කොරියාවෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා

ශ්‍රී ලංකාවට පිරිනමන රැකියා කාණ්ඩ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අරමුණින් දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා සැලසුම් කර තිබෙනවා.
මෙම පියවර දකුණු කොරියාවේ තරුණ ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා විකල්ප නිර්මාණය කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර මේ වසරේදී, කොරියානු රැකියා සඳහා බඳවාගැනෙන ශ්‍රී ලාංකික පුහුණු සේවකයන් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා ඇමැති ලී ජුංග්සික් මහතා පැවසීය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොරියානු තානාපති ලී මියොන් ඇතුළු දූත පිරිසක් පසුගිය දා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පවසා තිබෙනවා.

