ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල සාර්ථක ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමත් සමඟ ශ්‍රී ලංකාවට සිය ඉලක්ක කඩිනමින් ළඟා කර ගත හැකි බවට ලෝක බැංකු සභාපති අජේ බංගා විශ්වාසය පළ කරනු ලැබුවා.
ඒ (ඊයේ) 18 ජනාධිපතිවරයා ලෝක බැංකු සභාපති අජේ බංගා හමු වූ අවස්ථාවේදීයි.
එමෙන්ම, මෙම ප්රයත්නය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද ලෝක බැංකු සභාපතිවයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඊයේ (18) ප්‍රතිඥා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

