සතොස අත්‍යවශ්‍යය භාණ්ඩ හයක මිල බස්සයි

සතොස අත්‍යවශ්‍යය භාණ්ඩ හයක මිල බස්සයි

මෙම මිල පහළ දැමීම අද (20) දින සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දිවයින පුරා ඇති සියලු සතොස අළෙවිසැල් මගින් මෙම මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලබා ගත හැකි බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

එම මිල අඩු කිරීම් පහතින්,

*සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි.

*හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි.

*සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර, නව මිල රු 620කි.

*දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි.

*ලොකුළූනු කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 195කි.

*රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299කි.

COMMENTS