රුසියාවේ ප්‍රබල නාවික බලඇණියකට යුක්රේනයෙන් මිසයිල ප්‍රහාරයක්
ක්‍රිමියාවේ පිහිටි රුසියාවේ කළු මුහුදේ බලඇණියේ මූලස්ථානයට යුක්රේන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
රුසියානු නාවික හමුදාවේ ප්රබලතම මධ්‍යස්ථානයක් ලෙසයි මෙය සැළකෙන්නේ.
සෙවාස්ටොපෝල් නගරයේ පිහිටි මෙම මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ගිනිගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් ඇති අතර, සිදුවූ හානිය පිළිබඳව රුසියාව මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.
මීට පෙරද යුක්නෙර්නය විසින් ක්‍රිමියාවේ ගුවන් ආරක්ෂණ පද්ධතියක් සහ නාවික යාත්‍රා දෙකක් ඇතුලු ඉලක්කවලට පහරදී තිබුණා.