තරුණ චීන ජාතිකයින් විවාහ නොවී සිටීමේ ප්‍රතිශතය ඉහළට

තරුණ චීන ජාතිකයින් විවාහ නොවී සිටීමේ ප්‍රතිශතය ඉහළට

තරුණ චීන ජාතිකයින් විවාහ නොවී සිටීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා.

විවාහ නොවී එකට ජීවත් වීම හා තනිකඩව සිටීම චීනය තුළ ඉහළ යමින් පවතින බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. 2013 වසරේදී මිලියන 13.5 ක පිරිසක් විවාහ වී තිබෙනවා. 2023 වසරේදී එය මිලියන 6.8 ක් දක්වා පහත බැස ඇති බව සංඛ්‍යා ලේඛණ වාර්තා සදහන් කරනවා.

චීනයේ ක්වීසි උත්සවයේදී සාම්ප්‍රදායිකව යුවල තරුණ තරුණියන් විවාහ වීම වැඩි වශයෙන් සිදු වුවද මේ වන විට එම තත්ත්වය වෙනස් වී ඇති බවයි වාර්තා වන්නේ. වැලන්ටයින් දිනය හා සමාන දිනයක් ලෙසට ක්විසි උත්සවය සැලකෙනවා.

https://tinyurl.com/4urkvs33