වනිඳුට ලෝක කුසලාන මඟ වැසෙයි

වනිඳුට ලෝක කුසලාන මඟ වැසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග ආබාධයෙන් පසුවන බැවින් ලෝක කුසලාන සංචිතයෙන් ඔහු ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හසරංග වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඉන්දියාවේ දී ලබන මස 05 වනදා ආරම්භ වන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර අවසන්.

ඒ අනුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර, උප නායකත්වය හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවකදී සඳහන් කර සිටියේ ආබාධයට ලක්වූ වනිදු හසරංග ශාරීරික යෝග්‍යතා අනුව තරඟ සඳහා යොදා ගැනීමට නියමිත බවයි.

COMMENTS