මේ වසරේ සිව්වන සහ අවසාන සුපිරි චන්ද්‍රයා අද

මේ වසරේ සිව්වන සහ අවසාන සුපිරි චන්ද්‍රයා අද

මේ වසරේ සිව්වන සහ අවසාන සුපිරි චන්ද්‍රයා අද (29) දිස්වන බව තොරතුරු වාර්තා වෙනවා.

සැප්තැම්බර් මාසයේ පූර්ණ චන්ද්‍රයා අද උදෑසන ආලෝකමත් වූ අතර චන්ද්‍රයා සෙනසුරාදා උදෑසන වන විට සම්පූර්ණයෙන්ම ආලෝකමත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි නාසා ආයතනය පවසන්නේ.

සාමාන්‍ය පිළිගැනීම වන්නේ සුපිරි සඳක් හෙවත් Super Moon යනු පෘථිවියට සමීප වන පූර්ණ චන්ද්‍රයෙකු වන අතර එය අනෙක් චන්ද්‍රයන්ට වඩා රාත්‍රී අහසේ විශාල හා දීප්තිමත් ලෙස දිස් වීමයි.

මීට පෙර සුපිරි චන්ද්‍රයා දිස් වූයේ අගෝස්තු 30 වනදායි.

ඒ පෘථිවියේ සිට සැතපුම් 221,954 දුරින්.

සැප්තැම්බර් මාසයේ අද පායන පූර්ණ චන්ද්‍රයා සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා 5%ක් විශාල සහ 13%ක් දීප්තියෙන් දිස්වනු ඇති බවයි NASA ආයතනය වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ.

https://tinyurl.com/bdcv5888

COMMENTS