Fitch Ratings ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් නිකුතු ශ්‍රේණිය ඉහළ දමයි
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් නිකුතු ශ්‍රේණිය සීමිත පැහැර හැරීමේ මට්ටම හෙවත් RD ශ්‍රේණියේ සිට CCC සෘණ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්මේ දේශීය මුදල් සම්බන්ධ කොටස සම්පූර්ණ කිරීමත් සමඟයි.
මෙම උසස් කිරීම හරහා මහ බැංකුව මේ වසරේ ජුලි මාසයේදී ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්මේ දේශීය මුදල් සම්බන්ධ කොටස සම්පූර්ණ කිරීම පිළිබිඹු කරනු ඇති බවයි ෆිච් රේටින්ග්ස් ආයතනය පවසන්නේ.