වාහන අදායම් බලපත්‍ර නිවසටම ගෙන්වා ගැනීමට නව ක්‍රමයක්
මෙරට ජනතාවට නිවසේ සිටම වාහන අදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවක් පවතින බවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසා තිබෙනවා.
මෙලෙස වාහන අදායම් බලපත්‍ර නිවසේ සිටම ලබා ගැනීමට හැකියාව පවතින්නේ ඔක්තොම්බර 07 වනදා සිට බවයි වාර්තා වන්නේ.
මේ බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ “වාහන ආදායම් බලපත්‍රය ඔන්ලයින් සේවාවෙන් ලබාදීමේ වැඩසටහන දැන් අපි ආරම්භ කරලා තියෙනවා. 7 වෙනිදා ඉඳලා ඕනෑම කෙනෙක්ට ඕනෑම පළාතක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් ඔන්ලයින් ක්‍රමයට තමන්ගේ වාහන ආදායම් බලපත්‍රය ලබාගන්න හැකියාව තියෙනවා. ” ලෙසයි.