නාමල්ගේ ලයිට් බිල සනත් නිශාන්ත ගෙවයි

නාමල්ගේ ලයිට් බිල සනත් නිශාන්ත ගෙවයි

නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයට ලබා ගත් විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු බවට සඳහන් වූ විදුලි බිල තම පෞද්ගලික මුදලින් ගෙවා දැමූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැවැසීය.

මහින්ද රාජපක්ෂට කථා ඇසීමට ඉඩ නොදෙන බවත් ඒ අනුව තමන් මෙම ලක්ෂ 26ක මුදල ගෙවා දැමූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

“නාමල් රාජපක්ෂ මහත්තයාගේ විවාහ උත්සවයට ලබාගත් විදුලියට ගෙවීමක් කරලා නෑ කියලා සමාජ මාධ්‍ය තුළත් මාධ්‍ය තුළත් රට තුළ ලොකු කථා බහකට ලක්වුණා.මේ ගැන විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමත් එක්කත් කථා කළා.

නාමල් රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡා කරන විට ඔහු කීවේ එතුමාගේ නිවසේ විවාහ උත්සවය වෙනුවෙන් එතුමා හෝ එතුමාගේ පියා එවැනි ඉල්ලීමක් කර තිබුණේ නෑ කියලා.

නමුත් එතුමා යම්කිසි මුදලක් ගෙවන්න තිබුණා කියලා කථාවක් ගියා. අපේ යුද්දේ අවසන් කරපු නායකයා. රට සංවර්ධනය කරපු නායකයා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට වචනයක් අහන්න දෙන්න පුළුවන් කමක් නෑ.

ඒක නිසා මම එතුමට කිව්වා මේකේ යම්කිසි මුදලක් ගෙවන්න තියෙනවනම් මම හොයලා බලලා ඒක කරන්නම් කියලා.

සභාපතිතුමාගෙන් මට දැනගන්න ලැබුණ විදිහට නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් ආරක්ෂාව සපයන්න ආරක්ෂක විදුලි පහන් ලබාදෙන්න කියලා ආරක්ෂක අංශ ඉල්ලීමක් කර තිබුණා. හැබැයි එහි බිලක් එදා ජනපති ආරක්ෂක අංශවලින් ගෙවලා තිබුණේ නෑ.

හැබැයි මගුල් ගේ සිදුවෙලා පළමු දරුවයි දෙවැනි දරුවයි ලැබුණට පස්සේ සමාජ මාධ්‍ය ජාලා වල යනවා ලයිට් බිලක් ගෙවලා නෑ කියලා. කවුරු හරි ගෙවන්න තියෙනවවම් එය ගෙවිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.

නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ ලයිට් බිල තමයි මම පෞද්ගලිකව හරි හම්බකරපු මුදල් වලින්, මගේ අභිජනනාගාරයට අයිති ගිණුමේ චෙක්පතකින් තමයි මම මේ මුදල් ගෙව්වේ.

හරියටම මුදල විසිහය ලක්ෂ අසූ දෙදහස් දෙසිය අසූ හතයි සත පනස් හයක්. මේක ගෙවන්න බිලක් තිබුණේ නෑ. මේ ගැන හොයන්න මට කාලයක් ගත වුණා.

මට ජනතාවගේ බිලවල් ගෙවන්න බෑ. මම මන්ත්‍රී කෙනක් වුණානම් රාජ්‍ය ඇමති කෙනෙක් වුණානම් ඒක නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඇත්තටම අපි ව්‍යාපාරිකයෙක් ලෙස ආවනම් ඒකටත් එතුමගෙන් සහාය ලැබුණා. එතුමා වයඹ ඡන්දයට එන කොට අපි පොඩි කොල්ලෝ.

අපි ඉස්සෝ පොකුණක් දෙකක් තියාගෙන පොඩියට කරපු අපිට දැවැන්ත ගමනක් එන්න එතුමා අපිට හයිය ශක්තිය දුන්නා.දේශපාලකයෙක් ලෙස මෙන්ම ව්‍යාපාරිකයෙක් ලෙස මෙන්ම මේ මුදල් මම ගෙවිය යුතුයි කියලා හිතුණා. ඒක නිසා මම ඒක ගෙව්වා. ගැටලුවක් නෑනේ මගේ මුදල්නේ.” යනුවෙන්