ගනේමුල්ලේ සංජීවගේ ප්රකාශයක් මත ගිනි අවි සොයාගනී

දින 90 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා දෙන වීරගුල පොලිස් ස්ථානය රඳවා තබා සිටින පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්රශ්න කර හෙළිකරගත් තොරතුරු මත මුල්ලේරියාව ප්රදේශයේ ලදු කැලෑවක සඟවා තිබූ විදේශීය විදේශිය නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.
මෙම පාතාල කල්ලි නායකයා ගෙන් හෙළි කර ගත් තොරතුරු මත කඩුවෙල ප්රදේශයේ පිහිටි බෝක්කුවක් යට සඟවා තිබූ ටී ටී-56 ස්වයංක්රීය ගිනි ගිනි අවියක් ද නිට්ටඹුව ප්රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ ගිනි අවි ,අත්බෝම්බ සහ ජීව උණ්ඩ ද බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට පෙරද සොයාගෙන තිබිණි.
පසුගිය වසරේ ජුනි 26 වන දින පෑලියගොඩ දුම්රියපොළ පාර ප්රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටත් මේ වසරේ ජනවාරි 17 වන දින පෑලියගොඩ කළු පාලම අසලදී තවත් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටත් අදාළව මෙම ගිනිඅවි යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ගනේමුල්ල සංජීව නැමැති මෙම පාතාල කල්ලි නායකයා විසින් තවත් ස්ථානවල අවි ආයුධ, බෝම්බ සහ ජීව උණ්ඩ සඟවා ඇති බවට පෙනී යන නිසා ඒවා සොයා ගැනීමට ද පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

