පාසල් නිවාඩුවේ වෙනසක්

උසස් පෙළ විභාගය ජනවාරි දක්වා කල් යාම හේතුවෙන් මෙවර පාසල් නිවාඩු කාලය කල් දමන බවට වාර්තා වෙනවා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත්තේ පාසල් නිවාඩු කාලය දෙසැම්බර් 22 වනදා දක්වා කල් යනු ඇති බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඊට අදාළ නිල නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවයි.

