ශ්‍රී ලංකා යුධ හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා යුධ හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314ක් සහ සෙසු නිලයන් 1,565ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබෙනවා.

මෙම උසස් වීම් ලබා දී ඇත්තේ 74 වැනි යුද හමුදා සංවත්සර දිනය නිමිති කර ගෙනයි.

ඒ වෙනුවෙන් යුද හමුදා මුලස්ථානය විසින් වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති අතර, සම්මාන පෙළපාලියක් ද පනාගොඩ කඳවුරේදී අද(10) උදෑසන පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.