හමාස් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
පසුගිය දා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු හමාස් සාමාජිකයින් පළා යාමේදී ඊශ්‍රායල වැසියන් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස යළි ගසා තීරයට රැගෙන ගොස් තිබෙනවා.
විදෙස් වාර්තාවල පවසන්නේ එම පුද්ගලයින් ඝාතනය කරන බවට හමාස් සංවිධානය විසින් අනතුරු අඟවා ඇති බවයි.
මෙම ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයින් 3,000ක් පමණ තුවාල ලබා තිබෙන බවද සඳහන්.
පසුගිය ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය සුක්ෂම මෙහෙයුමක් දියත් කරමින් ඊශ්‍රායලට ප්‍රහාර එල්ල කළ අතර එමඟින් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,500 කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.