වැලිමඩ මාර්ගයක් නායයයි – මාර්ගය සම්පූර්ණයෙන්ම වැසෙයි

වැලිමඩ රේන්දපොල අබේවෙල ලෝකාන්තය මාර්ගය පවතින අධික වර්ෂාවත් සමඟ නාය ගොස් තිබෙනවා.
කළු පාලම අසල මෙම ගිලා බැසීම සිදුව ඇති අතර මේ හේතුවෙන් මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමූ බව කැප්පෙටිපොල පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.
අද අළුයම මෙම ස්ථානය ගිලා බැස ඇති බව නොදැන ත්රිරෝද රථයක් පැමිණ ඇති අතර මීදුම් තත්ත්වය හේතුවෙන් එහි රියදුරු අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේ රියදුරු රථයෙන් ඉවතට පැන බේරී ඇති අතර ඔහුට සුළු තුවාල සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ

