අප්පච්චි දින 458ක් හුස්ම ගත්තේ අපි රෝහලට පරිත්‍යාග කරපු මැෂින් එකෙන් – සජිත
දින 458ක කාලයක් තම පියා හුස්ම ගත්තේ පවුලේ ඥාතීන් විසින් කොළඹ ජාතික රෝහලට පරිත්‍යාග කළ වෙන්ටිලේටර් යන්ත්‍රයකින් බව අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ කනිටු පුත් සජිත අනුත්තර ඇන්තනී මහතා ප්‍රකාශ කළේය. ඒ යන්ත්‍රය කොළඹ ජාතික රෝහලට පරිත්‍යාග කිරීමටද පියවර ගෙන තිබෙන බවද හෙතෙම සදහන් පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ජැක්සන් ඇන්තනී මහතාගේ අවමඟුල් සභාව අමතමිනි.
අභාවප්‍රාප්ත මහාරංගධර ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවසන් කටයුතු රාගම ශුද්ධ වූ පේදුරුපාවුලු දේවස්ථානයේදී ඊයේ (12) පස්වරුවේ සිදු කෙරුණු අතර, දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝ සුසුම් මැද ජැක්සන් ඇන්තනී මහතා අවසන් ගමන් ගියේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සජිත ඇන්තනී:
“මගේ අප්පච්චි කිවුවේ වීරයෙක්ට කොහෙන්ද සාක්ෂිකාරයෙක් කියලා. වීරයෙක් කොයිතරම් වික්‍රම කළත් කොයිතරම් වීරකම් කළත් සාක්ෂිකාරයෙක් නැතුව වීරයෙක් බිහි වෙන්නේ නැහැ. සුනිල් සර්, රන්ජන් අයියා කථා කරන කොට, මෙච්චර මහ සෙනඟ ගඟක් අප්පච්චිට ගරු බුහුමන් කරද්දීම මොනතරම් අප්පච්චි වෙනුවෙන් සාක්ෂි දෙන්න ඉන්නවාද කියලා. ඒ තමයි සුදුසුම කාලය මෙයයි කියලා. මොකද අප්පච්චි තමා වෙනුවෙන් සාක්ෂි දෙන්න ගියේ නැහැ. සමාජ මාධ්‍යවල බොරු මවාපෑම්වලින් අප්පච්චිට සෑහෙන්න දේවල් කිව්වා. ඒ ගොඩක් වෙලාවට මම අප්පච්චි එක්ක රණ්ඩු කළා. ඇයි අප්පච්චි මේ දේවල්වලට මුකුත් කියන් නැත්තේ කියලා. එතකොට අප්පච්චි කිවුවේ වීරයෙක්ට සාක්කිකාරයෙක් ඕනෙ. හැබැයි වීරයා තමා වෙනුවෙන් සාක්ෂි දෙන්න යන්නේ නැහැ කියලා.
“ඉතිං බොහොමත්ම ස්තූතියි සුනිල් සර්, රන්ජන් අයියා. දෙන්නාම අද දවසේ කරපු කතා දෙකට. ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදි සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, අනුරාධපුර තලාව පොලීසිය, අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයටත්, කොළඹ මහ රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයටත්, අප්පච්චිගේ භාරකරු විදිහට අත්සන් කරපු කෙනෙක් ඉන්නවා ඒ ප්‍රියන්ත කියලා පුද්ගලයෙක් ඔහුටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අප්පච්චි රෝහලේ දින 458 නේවාසිකව බෙහෙත් ලබාගත්තා. ඒ වගේම මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ මගේ අප්පච්චිට හුස්ම ගන්න වෙන්ටිලේටර් මැෂින් එකක් මිලදී ගන්න උදවු කරපු මගේ අප්පච්චිගේම ඥාති පිරිසට.
“මට ඒ වෙලාවෙම කල්පනා වුණේ මගේ අප්පච්චි හුස්ම ගන්න දෙන මැෂින් එක දිහා බලන් ඉද්දි මට හිතුණෙ ඒ මැෂින් එකක් මිල දී ගෙන රෝහලට පරිත්‍යාග කරන්න ඕනේ කියලා. ඒ මැෂින් එක වටිනාකමින් වැඩි මුදලක් වෙන නිසා කොළඹ රෝහලේම තියෙන්නේ මැෂින් දෙකක්. මේ දේවල්වලින් අපි අසරණවෙලා ඉන්න වෙලාවේ අපිම කොහොම හරි මේ මැෂින් එකක් මිල දී ගන්න ඕනෙ කියලා. අපි කොහොමහරි මැෂින් එකක් මිල දී ගත්තා. මේ අවස්ථාවේ විශේෂයෙන්ම කියන්න ඕනෙ අපේ අප්පච්චි හුස්ම ගත්තේ අපි විසින්ම රෝහලට පරිත්‍යාග කළ මැෂින් එකකින්. මේ වෙනකොට ඒ මැෂින් එකෙන් තව රෝගීයෙකුට සම්බන්ධ කරලා හුස්ම දෙනවා ඇති. තව අවුරුදු 15 කට ආසන්න කාලයක් මේ මැෂින් එකෙන් රෝගීන් දහස් ගණනකට හුස්ම දෙන්න පුළුවන්. ඉතිං මේ සඳහා උදවු කරපු සියලු දෙනාට නැවතත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන්