හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් දෙකක් වැසෙයි

හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයේ පවතින නායයාමේ අවදානමත් සමග මීරියබැද්ද සහ මකල්දෙනිය ප්‍රාථමික පාසල් අද (16) දිනයේ වසා තැබෙනවා.
එම පාසල්වල සිසුන්ට ගනේෂා දෙමළ විද්‍යාලයේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථානයේ දී අද දිනයේ ඉගැන්වීම සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.
කොස්ලන්ද ඇතුළු අවදානම් ප්‍රදේශ කිහිපයක පවුල් 241ක් මේ වනවිටත් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

