ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය සමාජ මාධ්‍යට මුදාහැරි පිරිසට වැඩ වරදී

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය සමාජ මාධ්‍යට මුදාහැරි පිරිසට වැඩ වරදී

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට ක්‍රියාකළ කර තිබුණා

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එලෙස සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ වන විට එම ප්‍රශ්න පත්‍ර නිකුත් කර ඇති බවට මහනුවර හා කළුතර මධ්‍යස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට මින් හානියක් නොමැති බව පවසන ඒ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කර ඇත.