නෙදර්ලන්තයට පෙරළිකාර ජයක්

දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ ජය ගැනීමට නෙදර්ලන්තය කණ්ඩායමට හැකි වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 43 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස්කළා.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක Scott Edwards නෙදර්ලන්ත වෙනුවෙන් නොදැවී ලකුණු 78ක් රැස්කළා.
පිළිතරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 207 පමණයි.
මෙම තරඟය නෙදර්ලන්තය ජය ගැනීමත් සමඟ ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පහත වැටුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම හැරෙන්නට ලෝක කුසලානයට සභාගි වූ අනෙකුත් කණ්ඩායම් එක් තරඟයක් හෝ ජය ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව සභාගි වන මීලඟ තරගය මේ මස 21 වෙනිදා නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.
icc ශ්‍රේණි ගත කිරීම් අතර ශ්‍රී ලංකා කණ්ඩායම 7 ස්ථානයේ රැදී සිටින අතර නෙදර්ලන්තය කණ්ඩායම රැදී සිටින්නේ 14 වන ස්ථානයේයි.

