සහල් හිඟයක් ?

රට තුළ සහල් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.
එම නිසාම ඉදිරියේදී කීරි සම්බා සහ බාස්මතී සහල් ආනයනය කිරීමට සිදුවිය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කොට සිටින්නේ.
මේ අතර සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ විවිධ මිල ගණන් යටතේ සහල් අලෙවි කරන තත්ත්වයක් අද වනවිට උද්ගත වී ඇති බවයි.

