තලපති විජේගේ “ලියෝ” සිනමාපටයට බාධා
තලපති විජේගේ “ලියෝ” සිනමාපටය තිරගත කිරීමට ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විරෝධතාවය පළ කර තිබෙනවා.
ඔවුන් විසින් ජනප්‍රිය ඉන්දීය නළු විජේට ලිපියක් යවමින් ඉල්ලා තිබෙන්නේ ඔක්තෝබර් 20 වනදා විරෝධතාවක් පවත්වන බැවින් ඔහුගේ නවතම චිත්‍රපටය ඔක්තෝබර් 19 වනදා දිවයිනේ ප්‍රදර්ශනය නොකරන ලෙසයි.
තලපති විජේගේ “ලියෝ” සිනමාපටය තිරගත වීමට තවත් ඇත්තේ සීමිත දින කිහිපයක් පමණයි.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ දමිළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පැවැත්වෙන විරෝධතාවයට සිනමා පටය තිරගත වීම බාධාවක් විය හැකි බව පවසමින්.
මීට පෙර, හයිද්‍රාබාද්හි සිටි සිවිල් අධිකරණ ප්‍රකාශන හිමිකම් ගැටලුවක් හේතුවෙන් ලියෝ තෙළිඟු භාෂාවෙන් නිකුත් කිරීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ලියෝ සඳහා තමිල්නාඩුවේ උදෑසන දර්ශන වාර සඳහා අවසරය ලබා දීම මදුරාසි මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.